මේ ෆිල්ම් එක රිලීස් වුනේ 2010 අවුරුද්දේ ජූලි 9. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ A.L.
Vijay විසින්. මේ ෆිල්ම් එක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 40ක් වියදම්වෙලා
තියෙනවා. මෙය ඒ කාලේ වැඩිම වියදමක් දැරු ෆිල්ම් එකක්. මේක සම්පූර්ණයෙන්ම ඇත්ත බව මේ ෆිල්ම් එක ඔප්පු කලේ පළවෙනි සති
තුනේම චෙන්නයිවල බොක්ස් ඔෆිස් වාර්තා තියමින් රුපියල් කෝටි 120ක් හොයලා. මෙකේ ප්‍රධාන චරිතය Jamshad Cethirakath (Ilam
Parithi). කවුරුත් මෙයාව දන්නේ ආර්යා (Arya) කියලා. ප්‍රධාන නිළිය හැටියට
සුරූපි හොලිවුඩ් නිළි Amy Jackson (තරුණ Amy) රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපටියට Jack
James (Governor), Alexx O’Nell (Robert Ellis), Mike Parish (The Rev M.
Smith), Carole Trangmar (මහළු Amy) Catherine (Lisa Lazarus) වගේ
ප්‍රසිද්ධ එංගලන්ත නළු නිළියන් රාශියක් සම්බන්ධවෙලා
ඉන්නවා. මෙය 1945 වර්ෂයේ මදුරාසි නගරය (Madrasapattinam) පදනම් කරගෙන තමයි
නිර්මාණය වෙලා තියෙන්නේ.
මේ චිත්‍රපටියේ වයසක Amy ට (Carole Trangmar) ඕනි වෙනවා
ඉන්දියාවට ගිහින් එයාගේ සැබෑ ප්‍රේමවන්තයා වු Ilam Parithi (Arya) බැන්ද
තැල්ල ආපහු එයාට දීලා එයා වුන පොරොන්දුව ඉෂ්ට කරන්න. නමුත් ඇය ගාව තියෙන්නේ
අවුරුදු 60කට කලින් ගත්ත ෆොටෝ එකක්. ඒක විතරක් තියගෙන ඇය ඉන්දියාවට යන්නේ
මරණාසන්න හෘදයාබාධයක් තියාගෙන. ඇය කෝටි 110ක් සිටින චෙන්නායි නගරයේ තම සැබෑ
ආදරවන්තයා සොයාගෙන යන ගමනේදි, සිය තරුණ ජිවිතය ඉන්දියාවෙ ගතකල ආකාරය සිහි
වෙනවා. ඇයට සිය පියා වූ මදුරාසි නගර ආණ්ඩුකාරවරයාගේ (Jack James) බල
ප්‍රදේශයේ ඇය නැවතත් පියනගනවා සිය ආදරවන්තයා සොයමින්. නමුත් ඇය ඉන්දියාවේදි
යලිත් වරක් දරුණු ලෙස අසනීප වෙනවා. ඇයට සිය කාරණය ඉෂ්ටකර ගතහැකිවෙයිද?
මරණය ඊට වඩා ඉකමන් වෙයිද? අවසානයේ ආදරවන්තයන් එක් වෙයිද? මේ ඔක්කොම
දැන්ගන්න නම් ඔයාලා මේ ෆිල්ම් එක බලන්නම වෙනවා..
