Sunday, April 22, 2012

DON 2


ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේක IMDB වල 7.3/10 ක් අරගෙන තියෙනවා. සමහර හොඳයි කියන හොලිවුඩ් ෆිල්ම්වත් මෙච්චර රැන්ක් වෙන්නේ නෑනේ. මේ ෆිල්ම් එක රිලීස් වුන දවසෙම ඉන්දියාවේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8ක් හොයලා තියෙනවා. මේක ඉන්දියාවේ අළුත් බොක්ස් ඔෆිස් රෙකෝඩ් එකක්. ෆිල්ම් එක රිලීස් වෙලා සතියකින් ඇමෙරිකානු ඩොලර් මිලියන 23.8ක් හොයලා තියෙනවා හැබැයි ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 16.7යි 
මේකේ නළු නිළියෝ ගැන් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ කලින් Don-1 අධ්‍යක්ෂනය කරපු ෆර්හාන් අක්තාර්ම තමා. 
මේකේ කථාව පටන්ගන්නේ ගියපාර කොටසත් සම්බන්ධ කරගනිමින්. මේකෙදි DON ආසියාවේ පාතාලයේ රජා වුන හැටි කියලා ඔහු යුරෝපයට මත්ද්‍රව්‍යය බෙදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ කියනවා.  ඒ එක්කම යුරෝපයේ ජාවාරම් කාරයෝ ටික DON ව මරන්න ප්ලෑන් කරනවා. නමුත් මේ අව් අස්සේ DON ව පොලීසියට අහුවෙනවා. ඊට පස්සේ ඔහුට මැලෙසියාවේ හිරගෙදරට යන්න වෙනවා. එහිදී ඔහු පරණ ප්‍රතිවාදියා වන වර්ධාන් (Boman Irani) හම්බෙනවා. පස්සේ මොවුන් දෙන්නම හිරෙන් පනිනන් ප්ලෑන් කරනවා. කලින් පස මිතුරන් වගේ එකිනෙකා මරාගන්න හදපු දෙන්නා එකතුවෙලා මොකද්ද කරන්න හදන්නේ… දෙන්නට හිරෙන් පනින්න පුළුවන් වෙයිද…

No comments:

Post a Comment