තට්ටු නිවාසවාසී වියපත් සිත්තරකු සුරූපී යෞවනියකගේ ප්‍රේමය අබියස
මුහුණපාන සිද්ධිදාමයක් ඇතුලත් කලර් චිත්‍රපටය ඉසුරු වීරසිංහමුදලි ගේ
කුලුඳුල් සිනමා අධ්‍යක්‍ෂණයයි.චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ද වන මෙම සිත්තරාගේ
චරිතය රඟමින් විශිෂ්ට නළු කමල් අද්දරආරච්චි නැවත රිදී තිරයට පැමිණ සිටී.
දක්‍ෂ නව යොවුන් නිළි සඳලි සුලක්ඛනා මෙහි ප්‍රධාන නිළි චරිතය රඟයි.
දක්‍ෂ නැගී එන නිළි තාරකාවක වන උදයන්ති කුලතුංගටත් මෙහි ප්‍රබල චරිතයක්
බාර කර තිබේ. ජයනි සේනානායක, ජානකී විජේරත්න, ශ්‍රීමාල් වෙඩිසිංහ,
පි‍්‍රයන්ත මන්සිළු හා ළමා නිළි ආකාශා පෙරේරා ද මෙහි රැඟුම් රඟයි.
ජනපි‍්‍රය නිළි ඇන්ජලා සෙනෙවිරත්න කලෙකට පසු රිදී තිරයට රංගනයෙන් දායක
වන්නේ ද මේ චිත්‍රපටය වෙනුවෙනි.මෙහි කතාව, දෙබස්, තිර රචනය සහ ගී පද රචනය ද
අධ්‍යක්‍ෂවරයා වන ඉසුරු වීරසිංහමුදලි විසින් සිදු කරන අතර
නිෂ්පාදනයෙන් හිරන්ති සමරසිංහ ද සහාය අධ්‍යක්‍ෂයෙන් චලිත් මනුරංග
අබේසිරිවර්ධන ද කැමරාකරණයෙන් ප්‍රියන්ත මලවි ද සංස්කරණයෙන් තිස්ස
සුරේන්ද්‍ර ද මේ සඳහා දායක වේ.
චමින්ද මීමනගේ රේඛීය නිෂ්පාදකවරයායි. සුජීව තලංගම නිෂ්පාදන
කළමනාකරුය.දක්‍ෂ ගායකයකු මෙන්ම සංගීතඥයකු ද වන සංඛ දිනෙත් මෙහි සංගීත
අධ්‍යක්‍ෂවරයාය. මෙහි එන ගීත ගැයුමින් ජනපි‍්‍රය ගායිකා සමිතා එරන්දතී
මුදුන්කොටුව එක්ව සිටින්නීය.
No comments:
Post a Comment